මෙහෙමත් එවුන්

මම දන්න කියන පොඩි එකෙක් හම්බවුනා... මිනිහා මේ පාර උසස් පෙළ ලියපු ඩයල් එකක් මූට හෙන ෆන් .. මොකද මුන්ගේ ප්‍රධාන විශයන් ටික අද වෙනකොට ඉවරයි. මුගෙන් ඇහුවා කොහොමද විභාගේ කියලා.. මු කියනවා රිසල්ට් ආවාම බලන්නලු. ඊට පස්සේ මම ඇහුවා සමස්තයක් හැටියට විභාගේ කොහොමද කියලා මිනිහා කියනවා සමස්තයක්ම පාස් ඇති මොකද අපේ පන්තියේ ඉන්නවා මීටරයක් උගෙන් ගොඩක් එවුන් කොපි කලා කියලා ඌ උත්තරත් කිව්වා කියලා... 




මූ මහෙම කියද්දි අපි උසස් පෙල ලියපු දවස මතක් උනා අපේ එවුනුත් කොපි කලා තමයි අර වගේම පට්ට මීටර් දෙකක් අපේ පන්තියෙත් හිටියා. ඒක නෙමෙයි කියන්න හැදුවේ. අපේ පන්තියේ හිටියා යාළුවෙක් මිනිහත් සාමාන්‍යයෙන් හොදට විභාගෙට මුහුන දුන්නා. මූට එච්චර රසායන විද්‍යාව බෑ ඉතින් මමත් දැක්කා මූ අන්තිම පැයෙදි ලියන්නේ නැතුව බලන් ඉන්නවා ඉස්සරහා ඉන්දලා එකෙක් ලියපු කොලයක් ආවා දැන් එකා එකා අතේ අරූටත් ආවා. දැන් මූ ඒක පන දාගෙන ලිව්වා ඊට පස්සේ පිටිපස්සේ එකාටත් දුන්නා ඌත් රසායන විද්‍යාවට එච්චරම දක්ෂ නෑ ඌත් පිහිටක් එනකං බලන් හිටියේ පස්සේ ඌත් ලිව්වා. දැන් ඔන්න මමත් ගනන් හතරෙන් දෙකයි හදලා තිබ්බේ වෙලාවත් ඉවර උනා. පේපර් එකතු කරන්න ගත්තා මෙහෙම පේපර් එකතු කරන්න ගන්නවාත් එකකම අරූ පිටිපස්සේ එකාට කියපිය...


අහ් මචං උඹට මම වැරදි කොළේ නේ දීලා තියෙන්නේ......


අර පිටිපස්සේ හිටපු එකාට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇතිද?

මට මේක ගැන තියෙන අදහස මම මෙතන ලියන්නේ නෑ මොකද මිනිහත් මේක කියවනවා ඇති සමහර විට.... ඔයාලාට මොනවාද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාලා ගියාට කමක් නෑ.......

දැන් හරිය ?

මල වදයක් බං අපේ එවුන්ගෙන් බ්ලොග් එකක් ලියන්න කියලා. 


පස්සේ බැරිම තැන මම අර යූකෝස් එකෙන් සයිට් එකක් කලා කොහෙද මුන්ට ඒක හරියන්නෙත් නැහැ නොවැ.


ඉතින් මොනා කරන්නද මම හැදුව බොලොගක් නෑ නෑ බ්ලොගක්. මේක හදන්න ගියාම අර කියපු එවුන්ගේ පරම්පරාවලුත් මතක් උනා
කමක් නෑ කියලා හැදුවා.


දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම මේකේ මොනාද ලියන්නේ කියලා .....! බලමු බලමු මොනා හරි ලියන්න ඕනේ.....!